Careers

ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින් මව් සෙනෙහස අගයයි.

Share article

Facebook
Twitter
LinkedIn

අංක එකේ ආහාර පිසීමේ තෙල් වර්ගය වන ෆෝචූන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී “සෙනෙහසේ අම්මාගේ” තේමාව යටතේ මව් සෙනහස පිලිබඳ කියැවෙන ගීතයක් එළි දක්වන ලදී. මෙම උත්සවයේ දී www.pyramidwilmar.com පිරමිඩ් විල්මා වෙබ් අඩවිය ද ක්‍රියාත්මක කරන ලදී.


මෙරට ජනහද දිනූ ගී තරු වන නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ මේ ගීතය හරහා දරුවන් කෙරේ වූ මව් සෙනෙහස මැනවින් විදහා දක්වන අතර සිය දරුවාට හොඳම දේ ලබාදීම සඳහා මවක් දිවා රෑ නොබලා වෙහෙසෙන ආකාරය පිලිබඳ කතා කරයි.


පිරමිඩ් විල්මා (පෞද්) සමාගම විසින් අලෙවිය හා බෙදා හැරීම සිදු කරන ජාත්‍යන්තර සහතිකලත් ෆෝචූන් කුකිං ඔයිල් මෙරට අංක එකේ ආහාර පිසීමේ තෙල් සන්නාම් නාමය ලෙස ලංකා මාර්කට් රිසර්ච් බියුරෝ සමීක්ෂණ ආයතනය (LMRB) විසින් 2015 වසරේ දී නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වේ.


ෆෝචූන් නිෂ්පාදන අතර දැනට එළවළු තෙල්,පොල් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා බෝංචි තෙල් සහ ඉරිඟු තෙල් අතුළත් අතර මෙම සෑම නිෂ්පාදනයක් ම පාරිභෝගිකයන්ගේ විවිද අවශ්‍යතාවයන්ට සහ මිල ගණන්වලට ගැළපෙන පරිදි විවිද ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. මෙරට දීපව්‍යාප්ත සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් වලින් ෆෝචූන් කුකිං ඔයිල් මිලදී ගත හැකිය.
ISO22000, ISO 14001, ISO 9001, HACCP, FSSC 22000 සහ SMETA යනාදිය ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් ආහාරයන්හි සෞඛ්‍යාරක්ෂිත ගුණත්වය පිළිබඳ තත්ත්ව සහතික රැසක්ම ෆෝචූන් කුකිං ඔයිල් හිමි කරගෙන ඇත. ෆෝචූන් නිෂ්පාදන සියල්ලක්ම ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ පිහිටි සමාගම සතු වතුකරයන් වලින් නිෂ්පාදිත තෙල් භාවිත කර නිපදවයි. මුතුරාජවෙල කාර්මික ජනපදයේ පිහිටි නවීනතම තාක්ෂණයන්ගෙන් යුත් නිෂ්පාදනයක් සහ තෙල් පිරිපහදුවක් සමාගම සතුවේ. මෙය ශ්‍රී ලංකාවේ දැනට පවත්නා විශාලතම නිෂ්පාදන ධාරිතාවක් සහිත කර්මාන්ත ශාලාවක් වන අතර 350කට අධික උසස් නිපුණතාවයකින් යුත් සේවක පිරිසක් එහි වාසය කරයි.
පිරමිඩ් විල්මා (පෞද්) සමාගම ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස් (පෞද්) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයෙ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළඳපොල ප්‍රාග්ධනිකරණ සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයිස්තුගතව සමාගම් අතර පවත්නා සමාගමකි. විල්මා සමාගමේ ව්‍යාපාරික කටයුතු අතර පාම් තෙල් වගාව, බීජ තෙල් ඇඹරීම, ආහාරයට ගනා තෙල් පිරිපහදුව, සීනි නිෂ්පාදනය සහ පිරිපහදුව සහ බේකරි නිෂ්පාදන, ඔලෙඔ චෙමිcඅල් ජීව ඉන්ධන සහ පොහොර නිෂ්පාදනය සහ සැකසීම යනාදිය ඇතුලත් වේ. ලොව වටා නිෂ්පාදනාගාර 450කට අධික ප්‍රමාණයක් හිමි මෙම බෙදාහැරීමේ ජාලය චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සහ තවත් රටවල් 50 ආවරණය කරන අතර 92000ක් පමණ බහුජාතික සේවා බළකායක් මෙහි සේවය කරයි.


පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ බෙදාහැරීම, බේකරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය, මාගරින් නිෂ්පාදනය, සීනි9 අපනයනය සහ බෙදා හැරීම, අතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයින් බේකරි නිෂ්පාදන අලෙවිය සහ බෙදා හැරීම සිදු කරයි.